හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 February 2016

මෙසෙව් අයටත් ශිල්ප සෑදේ........................! Wonderful fools of 21st Century

   බ්ලොග් ලිවීම නිදහස් සහ ස්වාධීන මාධ්‍ය කලාවක්. එයට නීති නැහැ. නමුත් සදාචාරය කියා දෙයක් තියනවා. සාධාරණත්වය කියා දෙයක් තියනවා. අන් මත ඉවසීම කියා දෙයක් තියනවා. සමහර අඩවි වල පාඨක අදහස් පළකරන්නේ, අඩවි පාලක විසින් අනුමත කරන ඒවා පමණයි. ප්‍රස්තුතයට අදාළ නොවන, අසභ්‍ය, අපහාසාත්මක,  අදහස් වලට ඉඩ ලබා නොදීම සඳහා, එසේ කිරීමේ වරදක් නැහැ. නමුත් එවැනි කිසිදු වර්ගීකරණයකට නොවැටෙන පාඨක අදහස් කපා හරිමින්, තමන්ගේ මතයට පමණක් කැමතිවන සහ තමන්ට වඩා හොඳින් ප්‍රතිවචන දියහැකි පාඨක අදහස් පමණක් තෝරාගෙන, පලකරන ප්‍රතිපත්තිය නම්, අමනොඥ බව නොකියාම බැහැ. මේ මෑතකදී එක්තරා මහත්මයකු විසින් ලියන එවැනි අඩවියක් සමග මා දෙවතාවක් සම්බන්ධවුනා. ඒ දෙවතාවේදීම ඒ අඩවි පාලකතුමා මට පිළිතුරු ලබාදුන්නේ, අපක්ෂපාතී ආකාරයෙන් නොවෙයි. මා පහත දක්වන්නේ, එම අවස්ථා වලදී, මා ලබාගත් තිර රූප කීපයක්. 



   මේ ලිපියට අදාලව මා දක්වන ලද අදහස් සහ ඊට මා ලද පිළිතුරු පහත තිර රූප වලින් දක්වනවා. 



   මෙතනදී, මේ මිනිහා, ඌ, වැනි වචන වලින්, අඩවි පාලක උතුමා විසින් හඳුන්වන්නේ, ඊයේ පෙරේදා මේ රටට පැමිණි, එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කටයුතු පිලිබඳ මහ කොමසාරිස් වරයායි. මෙතනදී මා කල්පනා කළා, මේ මහතා සමග හොඳ සංවාදයක යෙදිය හැකියි කියා. මෙවැනි සංවාදයකදී, හොඳ වචන භාවිත කරමින්, සංවාදය ඉදිරියට ගෙනයාම වඩාත් උචිත බව මා ප්‍රකාශ කළා. එයට ඒ උතුමා මට ලබාදුන් පිළිතුර මෙයයි.



   මේ ඊළඟ අවස්ථාව. ඊයේ පෙරේදා මෙතුමා ලියා තිබුණු ලිපියක සඳහන් වුණා, යාපනය ආඥාපතිව සිටි මේජර් ජෙනරල් සී.පී. ගාල්ලගේ, කොළඹට මාරුකිරීම, මේ රජයේ වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, මේජර් ජෙනරල් ගාල්ලගේ විරුද්ධවීම නිසාත්, ඔහු ක්‍රියාකලාපය රජයට බාධාවක් බවත්, ඒ නිසා මෙම මාරුව කල බවත්. 




 මෙය අමූලික අසත්‍යයක්. මා ඒ ගැන ප්‍රකාශ කල අදහස් මෙන්න මේවයි. එම අදහස් එතුමා කපාහැර ඇති නිසා, මතක තිබෙන විදිහට ලියන්නේ. 

"භූෂණ මහත්මයා, මේ කමෙන්ට් එක ඔබ පලකරයිද දන්නේ නැහැ. මොකද මීට පෙර මගේ කමෙන්ට් එකකට ඔබ දී තිබුණ පිළිතුර, මමයි මේ දේවාලේ කපුවා, එහි පහරන්නට මට සම්පූර්ණ අයිතිය තිබේ. ඒ ගැන විමසන්නට නුඹට අයිතියක් නැත. කියනවා වගේ එකක්. 

   යාපනය ආඥාපති මේජර් ජෙනරල් ගාල්ලගේ, කොළඹට මාරුකිරීම දේශපාලන තීන්දුවක් නොවේ. මා දන්නා තරමින් ඉතා නුදුරේදී ඔහු විශ්‍රාම යාමට නියමිතයි. ඒ නිසයි ඔහුව මාරුකලේ. එමෙන්ම ඒ තනතුර සඳහා  අලුතෙන් පත්වුණ මේජර් ජෙනරල් මහේෂ් සේනානායක ද, උතුරු නැගෙනහිර සටන් බිමේ විශිෂ්ඨ පළපුරුද්දක් ඇති නිලධාරියෙක්. මේ නිලධාරීන් දෙදෙනාම සමග මා රාජකාරි කර තිබෙන අතර, පෞද්ගලිකව හොඳින් හඳුනනවා. ඔබ මේ නිලධාරියා ගැන ලියන්නේ, තුන්වැනි පාර්ශ්වයකින් ගත් තොරතුරු වලින්. මා ලියන්නේ හමුදාවේ හිටපු නිලධාරියකු ලෙස ලද අද්දැකීම් වලින්. වෙනස තියෙන්නේ එතනයි.

  මේජර් ජෙනරල් ගාල්ලගේ දක්ෂ නිලධාරියකු බව අවිවාදිතයි. නමුත් කිසිම රාජ්‍ය නිලධාරියකුට බැහැ, හමුදා නිලධාරීන්ට අණදෙන්න. ඒ සඳහා බලය තිබෙන්නේ, සේනාධිනායකයාට පමණයි. ඔබ දන්නවද ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා කිසි කෙනෙක්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මගහැර ඉඳුරාම හමුදාවේ සේනාංකාධිපතිවරුන්ට, බලසේනාධිපතිවරුන්ට අණදුන්නේ නැහැ. 

  නමුත්, පසුගිය රජයේ ආරක්ෂක ලේකම් වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ, තම තනතුරට අදාල නැති බලයක් ආරූඪ කරගෙන, (විශේෂයෙන් ජෙනරල් (එවකට) ෆොන්සේකා හමුදාවෙන් ඉවත්වීමෙන් පසුව) ත්‍රිවිධ හමුදාපතිවරුන් අබිභවා යමින් අණදීම කළා. දේශපාලනය හමුදාව තුලට ගෙනාව, ඔහුගේ කාලයේදී සමහරවිට රණවිරුවන් කිව්වේ හෙන්චයියන්ට පමණයි. 

   යම්කිසි හමුදා නිලධාරියකු සිටිය යුත්තේ හමුදාපතිගේ අණසක යටතේ විනා, වෙනත් රාජ්‍ය නිලධාරියකු යටතේ නොවේ. මේජර් ජෙනරල් ගාල්ලගේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට විරුද්ධ වූවායයි මා සිතන්නේ නැහැ"

  මට මතක තිබෙන්නේ මෙපමණයි. කිසිදු අසභ්‍ය, අපහාසාත්මක, ප්‍රස්තුතයට අදාළ නොවන කිසිවක්, මා ලිව්වේ නැහැ. නමුත් මගේ කමෙන්ට් එක කපාහැර ඇති මේ උතුමා, පිළිතුරක් පමණක් දී ඇත. 



  මේ පිළිතුර කියවන වෙනත් පාඨකයන් සිතන්නේ මා අමු කුණුහරපයක්වත් ලියන්න ඇති කියලයි. මෙතුමාගේ මේ පුහු ආලාපයේ ඇති කරුණු කීපයක් ගෙන බලමු. 

1. මා විචාරක නාමයට මුවාවී දේශය පාවා දෙන්නෙකි. (අහෝ එතුමා ඊට උදාහරණ නොදක්වයි) 

2. හිටංගේ නපුංසක හුටංගේ ආදී වශයෙන් තප්පු ලන, තවම හරියට කර අඹා නැති මේ පුස්සාතුමා හිතන්නේ, තමාගේ බ්ලොග් රාජ්‍යය, හුදීජනයාට ක්ෂේම භූමියක් ලෙසය. (අනේද කියන්නේ) 

3. හිටපු හමුදා නිලධාරියකු බව හඟවමින්; අනේ මුන්නැහේ ගේ ගොං සිංහල. හඟවමින් සහ අඟවමින් කියන වචන දෙකේ තේරුමේ වෙනසවත් දන්නේ නැති පුඟුලෙකු, බැරෑරුම් කරුණු ගැන ලිපි ලිවීම, දෙකොනින් හිනායන ක්‍රියාවකි. 

ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා - කිතුල් පිත්ත මත පියවර මැන්නා 
උකුල් ඇටෙත් උගෙ එලියට පැන්නා - එහෙව් උනුත් අද සබයට එන්නා 

යන පැරණි කවිය කොපමණ සත්‍යදැයි හිතෙන්නේ මේ වෙලාවටයි.

  මා හිටපු හමුදා නිලධාරියකු නොවන බවට සහ, ගෙනයන බොරු ප්‍රචාර වලට උදාහරණ දීමට තරම් ප්‍රමාණවත් පුරුෂ ලක්ෂණ, මෙතුමා ජන්මයෙන්ම ගෙනැවිත් නොමැති බව, පැහැදිලිවම පෙනෙයි. (උපතින්ම මොළ කොලොප්පන් කාරයෙක්ද මන්දා)

4. මේ සන්දර්භයට අදාලව ඔබ ලියන කිසිම කමෙන්ට් එකක් මෙහි පල නොවෙනු ඇති. (ඒ කියන්නේ ප්‍රස්තුතයට අදාළ වුනත්, මා දක්වන අදහස් වලට ඉඩක් නැති බවයි. එක්කෝ මුන්නැහේ, සන්දර්භය කියන්නේ කෑමට ගන්නා දෙයක් යයි, සිතා සිටිනවා වෙන්නත් පුළුවන්. සිංහල වචන වල තේරුමවත් නොදැන, තම පුහුකම මෙලෙස ප්‍රසිද්ධියේ පෙන්නන්නේ ඇයි? ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, වගේ වෙන්නද හදන්නේ?) 

මෙසෙව් අයටත් ශිල්ප සෑදේ  

2016 පෙබරවාරි මස 25 වැනි දින 2209 පැය 

79 comments :

  1. // විචාරක නාමයට මුවාවී දේශය පාවා දෙන්නෙකි
    අහෝ අපොයි කියා සිතුනා විචා,මෙච්චර කල් ඔබතුමා රට වෙනුවෙන් කිසිවක් කර නැති හැඩයි.
    කාට කියන්නද?
    ඔය කියන ලියන්නා නොදන්නා දෙයට බියවී සිටින්නේ අපි මොකෑ කරන්නේ උන්නැහේ අනුන්ගේ මත අහන්නවත් සුදානම් නැත්තං.
    අර රසිකලොජි කියන්නා වාගේ අපි හැමෝටම චුට්ටක් පිස්සු නොවැ.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයට මරා වැහිලා. වීරවංශ භූතයා තමයි මෙයා අදහන දෙවියෝ.

      Delete
    2. http://dbsjeyaraj.com/dbsj/archives/45406

      “Minister Samaraweera rejected the proposal saying this could not be done. An exchange of words is reported to have ensued. Days later, Maj. Gen. Gallage was transferred out of Jaffna. Senior Army officials declined to confirm or deny the incident. He has now been appointed Director General of Infantry at Army Headquarters”.

      Delete
    3. No Army personnel are allowed to directly involve in Government policy matters unless otherwise authorised by the Commander of Army in writing. Any Minister or any politician other than HE The President can't give direct orders to even a Soldier, in Military or Civil Administration Matters. I myself have given point balk replies several times to some politicians who tried to manipulate me, when I was an Infantry Battalion Commander.

      Any Military personnel shows his political interests while on duty or make any exchange of heated words or other type of harsh expressions will be dealt with appropriate Army disciplinary regulations. And that's the standing procedure.

      Delete
    4. හැමෝටම පිස්සු තමයි, නමුත් මේ බයියන් ගේ ඵිස්සුව 2015 ජනවාරි 8 වෙනිදා සිට exponential වේගයෙන් වැඩි වෙනවා!

      Delete
  2. රට වෙනුවෙන් අත පය, ඇස්, කන් පමණක් නොව ජීවිතය පවා දන් දුන් දන් දීමට සූදානම්ව සිටි, තම අඹු දරුවන් ගෙන් වෙන්ව යුධ පෙරමුණේ සටන් වැදුනු අයගේ ජාත්‍යාලය සහ එක ආර්ත්මාර්ථකාමී පුද්ගලයෙකුට පවුලකට ඇති වශී වීම ජත්‍යාලයක් යැයි වටහා ගැනීමක සිටින කෙනෙකුගේ වෙනස පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ දේශපාලන මන්ද බුද්ධික භාවය බව පැහැදිලිවම පෙනෙනවා.

      Delete
    2. මන්ද බුද්ධිකයින් සමග වලියට යෑම අපට තරම් නොවෙයි විචාරක. ඉක්මන් සුවය පතා අයින් වෙන්න.

      Delete
    3. ඔව් ඒක තමයි හොඳ

      Delete
  3. පලවෙනි කාරණය විචාරක මේ පිලිබඳ මෙතරම් කලබලවියයුතු නැත. මන්ද මේ තමයි බොහෝ දෙනෙකු තත්වය තේරුම්ගෙන ඇති ආකාරය. මෙය මේ බ්ලොග් රචකයාට පමණක් නොව බොහෝ පුරවැසියන්ගේ බුද්ධිමට්ටමේ සහ දැනුවත් භාවයේ තරම පෙන්වන්නක්, රටක් නීතිය සහ සාරධ්රම් කාලයක් තිස්සේ විනාශ වූ පසු නැවත ගොඩ නැංවීම ඉතාම අසීරු දෙයක් , ඒ නිසා මෙවැනි පුද්ගලයන් පිළිබඳව කතාකරමින් ඔවුන්ට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාද දීම අවශ්‍ය වන්නේ නෑ.

    //"තම පුහුකම මෙලෙස ප්‍රසිද්ධියේ පෙන්නන්නේ ඇයි? (ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, වගේ වෙන්නද හදන්නේ?) "// මේ වගන්තියේ (ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, වගේ වෙන්නද හදන්නේ?)කොටස ඉවත් කරගන්නවානම් මා කැමතියි, මට අනුවනම් ඔවුන් කිසිදා පුහු මිනිසුන් වුනේ නෑ. තාක්ෂනය සහ සම්පත් අතිශය විරල කාලයක හාස්‍ය රසය බෙදාදීමේ පුරෝගාමීන් වූ මේ තිදෙනා මෙවන් පුද්ගලයෙකුට සම කිරීම හෝ ඔවුන් පුහු මිනිසුන් ලෙස හැඟෙන ලෙස අදහසක් ඉදිරිපත් වීම ගැන නම් මම කණගාටු වෙනවා

    ReplyDelete
    Replies
    1. හොඳට බලන්න ඉවාන්. මා කලබල වී නැහැ. මා මගේ සාමාන්‍ය රටාවෙන්, හාස්‍යය සහ උපහාසය මුසුකරමින් මේ ලිපිය ලියා තිබෙන්නේ.

      ප්‍රචාරයක් දීම කොහොම වෙතත් මෙවැන්නන්නේ දේශපාලන සහ සමාජයීය නිරුවත් පෙන්වා දියයුතුයි.

      ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, තිදෙනා මට සමාව දෙනු ඇති.

      Delete
  4. ඔක්කොමත් හරි මේ විචා වැසට ගිහිල්ලත් ලිං ගාව කෙහෙවලු පටලගන්න එක තමා දිරවන්නෙ නැත්තේ..If you need to change the world, you should be the first to be changed..

    මෙවැනි බ්ලොග් පෝස්ට් දමා විචා බලාපොරෛත්තු වන්නේ කුමක්දැයි නොදනිමි..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++
      එකඟයි, මේ පළමු වතාවද නොවේ...

      Delete
    2. +++++ එකෙන්ම දේශා !!! උඹේ කටේ පොල් ටොපියක් දාන්න ඕනේ මේ කතාවට :)

      Delete
    3. නැහැ දේශ්, ළිං ගාව කෙහෙවලු පටලවාගනීමක් නෙවෙයි. මා මහාත්මා ලීලාවෙන් සංවාදයකට එළඹීමට උත්සාහ කිරීම වරදක්ද? දුර්වලකමක්ද?

      මෙවැනි බ්ලොග් පොස්ට් දැමීමෙන් බලාපොරොත්තුවන්නේ මෙවැනි පටු මනසක් ඇති, තමන් මහා ප්‍රාඥයන් ලෙස බොරුවට පෙන්වන පුස්සන් සිටින බව බ්ලොග් ලෝකයටම පෙන්වාදීමයි. එය මගේ යුතුකමක් ලෙසයි මා දකින්නේ.

      @ ලොකුපුතා
      අවසාන වතාවද නොවේ.

      Delete
    4. මෙවැන්නන් ගැන එළිදරව් කිරීමේ යම් විගත්කමක් ද තියෙනවා. ම වරෙක මෙවැන්නෙකු සඳහා නව සිංහ වචනයක් ද නිපදවූවා.
      http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

      ඒ අතින් ප්‍රයෝජනවත් ජන කොටසක්!

      Delete
  5. වැරද්ද උඹේ... මේ වගේ ගොන් තකතීරූ ළිපියකට කොමෙන්ට් කරන එකම ගොන් කමක්..

    චාගීලා අද දාන පාට් එදා දැම්මා නම් චාගීට වෙන්නෙත් ෆොනීට වෙච්ච දේම තමා..

    ReplyDelete
    Replies
    1. /මේ වගේ ගොන් තකතීරූ ළිපියකට කොමෙන්ට් කරන එකම ගොන් කමක්/ චැක්, නිකන්ම ඔළුව අතගෑවුනා.

      Delete
    2. මම හැදුවේ මේ මනුස්සයා එක්ක සංවාදයක යෙදෙන්නයි. මොහුට ඉඩ තිබුනා මතවාදීව මා සමහ වාදවිවාද කරන්න. නමුත් මගේ කමෙන්ට් එකද කපා දමා අපහාස කරන පුස්සෙකු හැමෝටම පෙන්වා දීමයි මම කලේ.

      Delete
    3. කමෙන්ට් එක කපා යටින් පිලිතුරු දීම අරුණී ෂපීරෝ වැනි ලිබරල් අය පවා පවා කරනවා!

      Delete
    4. හික් හික්, අම්මපා

      Delete
  6. ///හිටංගේ නපුංසක හුටංගේ///

    ///තප්පු ලන, තවම හරියට කර අඹා නැති මේ පුස්සාතුමා, ගොං සිංහල ....///

    මටනම් මෙතැනදී පේන්නේ මෙහෙම දෙයක්, බුෂණ යම් අපහාසාත්මක වචන පාවිච්චි කලේ තුන්වැනි පාර්ශ්වයකට,
    විචාරක වෙනුවෙන් ඔහු චෝදනාවක් කරනවා මිසක් අපහාස කිරීමක් නැහැ, නමුත් විචාරක ඔහුට කෙළින්ම පරිභව කරනවා...
    අතීතය නැවත නැවතත් රිපීට් වෙමින් පවතී... ;)

    ReplyDelete
    Replies
    1. ඔබ මේ අදහස් දක්වන්නේ කුමන ස්ථාවරයක සිටද කියා මට පුදුම හිතෙනවා. මුලින්ම මට අපහාස කලේ ඔහු නෙවෙයිද?

      ගිහින් බලන්න සිංහලයාට සටන් අකැපද කියන ඔහුගේ ලිපියට.

      ඔහුගේ ඊළඟ ලිපියට මා දැමු කමෙන්ට් එක කපා දමා, මා ද්‍රෝහියකු, පාවා දෙන්නෙකු, මුදලට බ්ලොග් ලියන්නකු, හිටපු හමුදා සාමාජිකයකු ලෙස ව්‍යාජව පෙනී සිටින්නකු, ලෙස මට අපහාස කිරීම ඔබ අනුමත කරන බවයි ඔබේ අදහස් දැක්වීමෙන් පෙනෙන්නේ.

      පුස්සා කියන වචනය තේරුම් ගන්න ඔබ නොදන්නවා නොවෙයි. පුස්සා කියන්නේ තවමත් තරුණ වයසට සහ ජවසම්පන්න බවට නොපැමිණි වසු පැටවාටයි. එවැනි පැටවෙකුට බැහැ, පළපුරුදු ගෙනෙකු කරන වැඩ කරන්නට. ඌව කරඅඹා, බර වැඩට හුරු කරන්නේ එනිසයි. මෙතනදී, අතීතයේ පටන් එන මේ යෙදුම, උපහාසයක් මිස අපහාසයක් නොවේ. පැරණි සාහිත්‍යයේදී, පුස්සා කියන්නේ, තවම අත්දැකීම් නැති ආධුනිකයාටයි. මේ බ්ලොග් ලියන්නා තවම දේශපාලන ලිපි ලිවීමට ආධුනිකයකු බව ඔහුගේ ශෛලියෙන් පෙනෙනවා. ඔහු බලන්නේ පාට කන්නාඩියකින්. මධ්‍යස්ථව නොවේ.

      අතීතය ප්‍රතිනිර්මාණය වීම සදාතනික ලෝක ධර්මයකි.

      Delete
    2. මා ඔබ දෙපොළගේ සංවාදය එහි ගොස් බැලුවේ හෝ කලින් දුටුවේ නැහැ, මම අදහස් දැක්වුයේ ඔබේ ලිපිය සම්බන්ධව පමණයි...

      මුලිකව ඔබ අරගෙන ඇති ස්ක්‍රීන් ෂොට් දෙකේදීම ඔහු බැන වදින්නේ වෙනත් අයට, මම පෙන්වා දුන්නේ එයයි...
      ඉන් පසුව ඔහු ඔබට ඔබ පෙන්වා දුන් චෝදනා ටික නගනවා...

      අන්න එතනින් මේක ඉවර උනා නම් විචාරකගේ පැත්තට තරාදිය බරයි, නමුත් ඔබත් ඔහුට පසුව මෙම පෝස්ටුව දමා යම් පමණක හෝ අපහාසයන් උපහාසයන් සිදු කර තිබෙනවා...
      එවිට මම දකින්නේ දෙපැත්ත සමානවයි...

      ///ඔහු බලන්නේ පාට කන්නාඩියකින්. මධ්‍යස්ථව නොවේ.///
      මධ්‍යස්තව බලන කිසිවෙකු මමනම් මේ බ්ලොග් ලොව තුල දැක නොමැත...
      කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් ඒ තරම් බොරුවක් තවත් නැහැ...
      හැමෝම තමන්ගේ කැමැත්තට හෝ වෙනයම් කිසිම දෙකට හෝ නැඹුරුව තමයි අදහස් දක්වන්නේ සහ ලෝකය දකින්නේ...


      බර වැඩට හුරු කර ගැනීමට අදහස් කරන වසු පැටවුන්ව කර ඇඹිය යුත්තේ කුඩා කලදීමය, පුස්සා කියන්නේ උපතින්ම වෘෂණ අහිමි වසු පැටවාටද, කර අඹා වඳ බවට පත්කළ නොමේරූ වසු පැටවාටද යන්න මා හට පැහැදිළි නොමැත...
      කෙසේ හෝ එය පුද්ගලයකු සම්බන්ධව යෙදීමෙන් ඔබ දෙපොළගේ තරාදි මගේ සිත තුල සමබර වීමට කරුණු යෙදුනු බව කිව යුතුය...
      ඔබ දේපොළම අන්තර්ජාලය හරහා සබඳකම් ගොඩ නගා ගත් මාගේ නොදුටු මිතුරන් වේ...
      එබැවින් හැකි පමණ මධ්‍යස්ත ලෙස මෙය දෙස බැලු බව කරුණාවෙන් සළකන්න...

      Delete
    3. ආරම්භයේදීම ඔබ වරදක් කරගෙන තියනවානේ. මම පින්තූර වලින් පෙන්නුවේ සංක්ෂිප්තයක් පමණයි. ඔබට කරන්නට තිබුනේ, එම අඩවියට ගොස් යථාර්ථය දැකගන්නයි. එවිට ඔබේ අදහස් මීටවඩා සාර්ථකව දක්වන්න තිබුනා.

      //මධ්‍යස්තව බලන කිසිවෙකු මමනම් මේ බ්ලොග් ලොව තුල දැක නොමැත//

      ඒ ඔබේ මතය නේද? ඇයි ඔබේ මතය මා පිට පටවන්න හදන්නේ? මත ප්‍රකාශ කිරීමට ඔබට මෙන්ම මටද අයිතියක් තියනවා. නමුත් මතයක් යනු පරම සත්‍යයක් හෝ අවසාන නිගමනයකට එළඹිය හැකි සමීකරණයක් නොවේ. එය සාපේක්ෂයි.

      කවදාවත් වසු පැටවුන්ගේ කර අඹන්නේ නැහැ. තරුණ වස්සන්ගේ තමයි කර අඹන්නේ. කුඩා කාලයේදී ගම්වල ජීවත්වුණ නිසා, කරත්ත හදන හැටි, රෝදවලට පට්ටම් ගහන හැටි, බොස් ගෙඩියට තෙල් දාන හැටි, ගොන්නුන්ට හණ ගහන හැටි, ලාඩම් ගහන හැටි වගේම, කර අඹන හැටිත් දැකලා තියනවා.

      නොදුටුවත්, දුටුවත්, බ්ලොග් ලෝකයේ ඇති සබඳතා පලුදුවීමක් සිදුවන්නේ නැහැ නේද? අපි කරන්නේ මතවාදීව සංවාදයේ යෙදීමයි. අර ඊනියා බ්ලොග් පුඟුලා, මෙවැනි සංවාද වලට ඉඩ දෙන්නේ නැති බව, ප්‍රසිද්ධියේම කියා තිබෙනවා. ඉතින් ඒ පුඟුලාට වඩා, ඔබ අපි, බොහොම ඉහලින් ඉන්නවා නේද?

      Delete
    4. මම ඒ අඩවියට ගොස් බැලුවා, එහි ඇත්තේද මෙයම බැවින් මට වරදක් වෙලා නැති බව මම විශ්වාස කරනවා...
      (ඊට අමතරව සිද්ධිය ඇදීගෙන ගිහින් සාදු සාදු සහ කඩේ යන්න ගිහින් ඇනගෙන පරාජය බාර ගත්තට ස්තුති කරලා තියෙනවා, ඒ හරිය වෙද්දී වැඩක් නැහැ, ඒවා කෙහෙවලු සීන්)

      ///නොදුටුවත්, දුටුවත්, බ්ලොග් ලෝකයේ ඇති සබඳතා පලුදුවීමක් සිදුවන්නේ නැහැ නේද? අපි කරන්නේ මතවාදීව සංවාදයේ යෙදීමයි. ///
      මම ඉන් අදහස් කලේ ඔබ දෙදෙනාම මට සමාන බව පෙන්වීමටයි, භූෂණ ගේ ඔබ ගැටළුවක් ඇති කරගත් බ්ලොගයේ ඉතා වටිනා ඉතිහාසය සම්බන්ධ කරුණු දැක්වෙනවා. මම අහම්බෙන් තමයි ඒ බ්ලොග් එක දැකලා කියවන්න ගත්තේ...
      එහි කියවෙන ගොඩක් දේවල් සම්බන්ධ සංවාදයක යෙදෙන්න තරම් ඒ ඉතිහාසගත කරුණු සම්බන්ධ දැනුමක් මට නැහැ, ඒකට හේතුව ඔහු ඉදිරිපත් කරන ගොඩක් දේවල් සාමන්ය්යෙන් අපි වැන්නවුන්ට පහසුවෙන් සොයා ගත හැකි දේවල් නොවන නිසා විය හැකියි...
      ඒ නිසා ගොඩ වෙලාවට මම කරන්නේ ඒ වැදගත් කරුණු කියවලා පුංචි අදහසක් දක්වලා යන එක...

      ඒ වගේම තමයි ඔබ, ඔබත් ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ජනයා වන අපිට දුරස්ථ වැදගත් කරුණු. ඒවා කියවීමෙන් අපිත් ඒ ගැන දැනුවත් වෙනවා...

      ඔබ දේපොළ අතර සිදුවූ සිදුවීම සහ සංවාදයේදී ඇති වූ ගැටළුව හමුවේ භුෂන ඉදිරිපත් කරන ඓතිහාසික කරුණු වල වැදගත් කමේ, ඒ බ්ලොග් එකේ වටිනාකමේ අඩුවක් වෙන්න විදිහක් නැහැ නේද...

      ///අර ඊනියා බ්ලොග් පුඟුලා, මෙවැනි සංවාද වලට ඉඩ දෙන්නේ නැති බව, ප්රැසිද්ධියේම කියා තිබෙනවා. ///
      නමුත් මම දුටුවා ඇණයා භූෂණ සමග යම් පමණක හොඳ සංවාදයක් පවත්වාගෙන යනවා, ඒක පුද්ගලයාට අනුව සාපේක්ෂ කරුණක් වගේ දෙයක්ය කියා මම හිතනවා...

      ඔබ දෙදෙනාගේ ගැටළුව ඇතිවෙලා තිබුනේ, භූෂණ අර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට ඌ, මු, ගොන් නාම්බා වැනි වචන භාවිත කල එක සම්බන්ධව ඔබ දැක්වූ අකමැත්ත සහ එතැනදී ඔහු ඔබගේ අකමැත්ත ඔහුට වැදගත් නැති බව ප්‍රකාශ කිරීම නිසානේ...

      දැන් යමු ඔබ එතන දැක්වූ අදහසට...
      /// භූෂණ මහත්මයා, බුද්ධිමය සංවාදයකදී ඌ, මූ, ගොන් නාම්බා, වැනි වචන යොදාගැනීමට මා අකමැතියි. හේතු දෙකක් නිසා.
      1. යුද හමුදාවෙන් මා ලබා ඇති ශික්ෂණය.
      2. මෙවැනි සංවාදයකදී එවැනි වචන යෙදීමෙන් නිරූපණය වන්නේ තමන් ඉන්නේ කෙබඳු මානසිකත්වයකද යන්න පැහැදිලිවීම. ///

      එසේ කියන ඔබ ඔබගේ මෙම පෝස්ටුවේදී සහ මෙහි කමෙන්ටු තුළදී භූෂණ සඳහා යම්යම් අපහාස දැනවෙන වචන කීයක් භාවිත කරනවද...
      ඔබ එය නොදුටුවාට නොසිතුවාට තුන්වැන්නෙක් ලෙස මම එයත් දකිනවා...
      මට තුන්වැන්නෙක් ලෙස මුලින්ම පේන්නේ ඔහුගේ මානසික මට්ටම ප්‍රශ්නයකට ලක් කරලා පළමු ගල් පහර ගහන්නෙත් ඔබ බවටයි...
      එවිට ඔහු,
      /// ඔබ යුධ හමුදාවෙන් ලබා ගත්තා කියන ශික්ෂණය ( එය සත්යනද යන්න වෙනම කාරනයක් ) මට මොකටද? මට ඒක කිසිම වැදගැම්මකට නැති දෙයක්නේ. ///
      මෙතැනදී ඔබ දෙපොලගෙම වැරද්දක් මම දකින්නේ නැහැ, ඔබ ඔබේ කැමැත්ත කියනවා, ඔහු එයට අකමැත්ත ප්‍රකාශ කරනවා...
      ඔබ ඔහුගේ මානසික මට්ටම ප්‍රශ්න කරනවා, ඔහු ඔබගේ හමුදා ශික්ෂණය ප්‍රශ්න කරනවා. ඉන් පසුවත් ඔහු බැන වදින්නේ මහ කොමසාරිස් තුමාට මිසක් ඔබට නෙමෙයි...

      හැබැයි ඔහු ඔබගේ ශික්ෂණය ගැන සැක පහල කරනවා මෙන්ම එය ඔහුට වැදගත් නැති බව කියන එක ඇත්තක් බව ඔබ ඔප්පු කර පෙන්වන්න හදනවා මේ පෝස්ට් එක තුලින් සහ මෙහිම ඇති සමහර කමෙන්ට් තුලින් ඔහුට අපහාස වන අයුරින් අදහස් පල කිරීම තුළින්...

      ///ඔහු බලන්නේ පාට කන්නාඩියකින්. මධ්ය.ස්ථව නොවේ./// කියන එකට මගේ පිළිතුර වන්නේ
      ///මධ්යබස්තව බලන කිසිවෙකු මමනම් මේ බ්ලොග් ලොව තුල දැක නොමැත///
      ඉහත මම පෙන්වූ කරුණු නිසා තමයි මම කියන්නේ කවුරුත් මධ්‍යස්ත නැහැ කියලා. හැමෝම මොකක්හරි පාටක කණ්නාඩියක් දාගෙන ඉන්නවා, එහෙම නැත්නම් මොකක්හරි මුල් බැසගත් මත වල ඉන්නවා. එතකොට තමන්ව පේන්නේ නැතුව යනවා...
      එහෙම නැතුව මම මගේ මතයක් ඔබට පටවන්න හදන්නේ නැහැ...
      මම පෙන්වල දෙන්න හදන්නේ හැමෝම වගේම ඔබත් මධ්‍යස්ත නැහැ කියන එකයි...

      ඔබට යම් යම් මානසික ව්‍යායාම කරලා හුරුවක් ඇතිය කියල මම හිතනවා, හැකිනම් භුෂනගේ පෝස්ට් එක සහ කමෙන්ට්ස් තුන්වැන්නෙක් පිටස්තරයෙක් ලෙස ගිහින් කියවන්න...
      ඊට පසුව ඔබගේ පෝස්ටුව සහ කමෙන්ට් සියල්ල ඒ ආකාරයෙන්ම කියවන්න...
      මෙතන ගැටළුවක් නැති බව ඔබට වැටහේවි...

      මෙතන තියෙන්න පුළුවන් එකම එක ගැටළුව තමයි විචාරක නම් වූ පුද්ගයාගේ පුද්ගල අභිමානයට පහරක් වැදුණු බව ඔබ විශ්වාස කිරීම නිසා ඇතිවූ ගැටළුවක්...

      Delete
    5. 1. භූෂණ කැමති ඔහුට ආවඩන සහ හානේ අපි මෙව්වා දැනගෙන හිටියේ නැහැනේ කියන අයට පමණයි. ඔහු දෙන්නේ අවවාදාත්මක සහ කමෙන්ට් කරන්නා අඳ බාලයකුසේ සලකා දෙන පිළිතුරුයි. කුමක්ද ඒ මහන්තත්වය?

      2. හොඳ පුස්තකාලයක් ඇසුරු කරන්න. විශ්ව විද්‍යාලයක ඉතිහාසය සහ පුරාවිද්‍යාව කරන විද්‍යාර්ථීන් සමග සම්බන්ධවන්න, භූෂණ පෙන්වන මේ මහා විශ්මයජනක ඉතිහාස පොත් ඕනෑතරම් හොයාගන්න පුළුවන්. මම ඉස්කෝලේ යනකාලේ ඉතිහාසය හදාරා තියනවා. මගේ වැඩිමල් දියණිය ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිලිබඳ උපාධිධාරිනියක් නිසා මා ඇය සමග සංවාදයේ යෙදෙනවා.

      3. ගල් පහරක් ගැසීම කියන්නේ ප්‍රහාරාත්මක වචන වලට නේද? අහවල් විදිහේ වචන වලට මා කැමති නැහැ කියා කිව්වේ, විද්වත් සංවාදයකදී එවැනි වචන පාවිච්චි කරන්නේ නැති නිසා. ඔබ අසා දැක නැද්ද රූපවාහිනියේ ගුවන්විදුලියේ පැවැත්වෙන (දේශපාලකයන් නොවේ) විද්වත් සංවාද වලදී, මෙවැනි වචන පාවිච්චි කරන්නේ නැහැ. එය උපහාසාත්මකව ප්‍රතිෂේප කිරීමෙන් භූෂාන පෙන්නුවේ ඔහුගේ නූගත් කම සහ මහාත්මා ලක්ෂණ වලින් තොර චරිත ස්වභාවයයි.

      3. මම මගේ පුද්ගල අභිමානයට පහරක් වැදීම ගැන අසතුටට පත්වුවායයි උපකල්පනය කරමු. එතකොට භූෂණ පත්වී ඇත්තේ කුමන තත්වයකටද?

      4. 'ඔබත්' මමත් අපි කවුරුවත් මධ්‍යස්ථ නැති ඔබ පිළිනොගන්නේ නම් නැවත පිළිතුරු ලිවීමෙන් වලකින්න.

      5. ඔබ නැවත නැවතත් කියනවා, ඔහුගේ පිළිතුරු වලින් මට අපහස කිරීම සාධාරණ බවත්, මේ ලිපියෙන් මා ඔහුට අපහස කරන බවත්. ඔන්න ඔබ මධ්‍යස්ථ නැහැ කියා මට කියන්නට සිදුවන එක තැනක්.

      6. ඓතිහාසික කරුණු මැජික් නොවේ. ඒ සඳහා මෙවැනි බ්ලොග් නොතිබුණාට ඕනෑ තරම් විකල්ප තිබේ. යුද හමුදා තොරතුරු දැනගන්නට ඇති එකම අඩවිය අසමි දකිමි සොයමි නොවේ. වෙනත් විකල්ප ඕනෑතරම් ඇත. මගේ අඩවියේ අතීතයේ තිබෙන ලිපිවල, කොතරම් විවාදාපන්න කමෙන්ට්ස් තියනවාද කියා බලන්න. භූෂනගේ අඩවියේ එවැනි ඉඩක් ඇද්දැයි කරුණාකර, මම නැවතත් කියමි 'කරුණාකර' සිතාබලන්න.

      එපමණයි.

      Delete
    6. එක කාරණයක් අමතක වෙලා මට. ඔබතුමාට ඉතිහාසය ගැන දැනුම සතුටුදායකව නැතිවීම වරදක් නොවේ. නමුත් සිංහල වචන තේරුම් ගන්නට නොහැකිවීම මත මගේ යෙදුම් වැරදියට වටහාගෙන තිබීම ගැන කණගාටුයි.

      පුඟුලා යනු ඉතා පිරිසිදු සිංහලෙන් පුද්ගලයා යන තේරුම දෙන වචනයක්. ඒක හරියට, පයිය යනු මල්ල යන තේරුම දෙනවා, පක යනු ගෙඩිය යන තේරුම දෙනවා වගේ.

      බ්ලොග් කියන එකට මම සිංහල වචනයක් දන්නේ නැහැ. ඒ නිසා බ්ලොග් පුද්ගලයා යන්න තමයි බ්ලොග් පුඟුලා කියා තමයි ලියා තියෙන්නේ.

      Delete
  7. විචා............. දැන් ලංකාවේ මෙහෙම ගැටලුවක් තියෙනවා. හැමෝම රණවිරුවන් කියලා කට්ටියක් ගැන කියමින් දේශපාලනය කරනවා. ඒත් ඒ දෙගොල්ලන්ගෙන් කවුරුවත් අද ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ඉන්න හෝ සක්‍රීය සේවයේ යෙදී ජීවිත අවදානම ගෙන යුද්ධ කොට විශ්‍රාම ගිය හෝ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සේවය කරන ලද නිලධාරීන් සහ සෙසුනිලයින් ගැන බලන්නේ නැහැ. දැන් විචා එතකොට මේ රණවිරුවෝ කවුද????????????? මේක රටට නොපෙනෙන මහා ගැටලුවක් තමා....... පේන්නැද්ද දැන් විචාගේ හමුදා නිලයට වඩා සිංහලේගේ සිංහ ලේ එක පොරත්වයකට පත්වෙලා....... ඕවා බච්චොන්ගේ චූ කතා කියලා හිත හදාගන්න විචා....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි කුරුටු. තව ටික දවසක් ගියාම මේ වගේ පුස්සෝ, යුද ජයග්‍රහණය තෑගී ඔප්පුවකින් තමන්ටම ලියාගන්න හිතාගෙන ඉන්න බව පෙනෙනවා. ඒ නිසා, මේ වගේ පුස්සන්ගේ කිරිජ්ජපල්ලට කකුලෙන් ඇන, උන්ව නිසි තැනට දැක්කීම අපේ යුතුකමක්.

      Delete
  8. ඔය පුඟුලා අර සීනිව්ස්ද මොකක්ද කියල කැලෑ පත්තරයක් තියෙන්නෙ, ඒකෙ ඉන්න 8 පාස් වීරවංශ කොල්ලගෙ හෙන්චෙක්. වීරවංශය හොරකම් කරපු සල්ලිවලින් මුන්ට ලැප්ටොප් අරන්දීල තියෙනවා ජතිවාදය පතුරුවමින් මරාට කඩේ යන්න. උන් සෙට් එක, රස්සාවක් නැති නිසා දවසෙ කුලියට බ්ලොග් ලියන එකයි, සී නිව්ස් එකට කොමෙන්ට් කොටන එකයි කරන්නෙ. උන් හිතන්නෙ අනිත් උනුත් උන් වගේ දවසෙ කුලියට කඩේ යනවා කියලා. ඕවා ගනන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. පේනවා පේනවා, කාගේ හරි ඔඩොක්කු කුක්කෙක් බව හොඳින්ම පේනවා. මේ පුස්සෝ තමන්ගේ මහා විශාල හෙළුව හොඳින්ම පෙනෙද්දී, අමුඩයක් ගහගෙන ඉන්න එකාට ඇඟිල්ල දික්කරනවා අන්න අරූ හෙළුවෙන් කියලා. මේ වගේ මනපහතයන් ගණන් ගැනීම අපට තරම් නොවේ.

      Delete
  9. විචාරක තුමා ගැටුම් සමනය කියල සබ්ජෙක්ට් එකකුත් තියනවා, අනිව හමුදාවේ අයට නම් ඒ ගැන කියා දෙන්නේ නැතිව ඇති :)

    ඔබ කියන සයිට් එකේ අන්තරගතයට මමත් කොහෙත්තම එකඟ නෑ, ඒත් ඒ තමා ලංකාවේ බහුතරයකගේ මතය, ඒ වගේම සොයා බලන්න / විවාද කරන්න කරුණුත් එහේ තිබුණා.

    ReplyDelete
    Replies
    1. මම කවදාවත් ගැටුමකට යන්නේ නැහැ. බලන්න මෙතනදී මම කලේ මේ අඩවියේ යම් සංවාදයක් ගොඩනගන්නයි. නමුත් මේ මනපහතයාට එය වටහාගන්න තරම් මොලයක් නැහැ. මට දෙකොනින් හිනායන්නේ, මාතෘකාවට අදාළ නිලධාරියා ගැන මා කියන කිසිවකට පිළිතුරු නොදී, (දෙන්න දැනුමක් මේ මනුස්සයාට ඇත්තේම නැහැ) අපහාසාත්මකව අදහස් දැක්වීමයි. අශුචි වලකට බැස අභියෝග කරන මෙවැනි බ්ලොග් සූකරයන්, බ්ලොග් ලෝකයටම නිරාවරණය කිරීමයි මා කළේ.

      Delete
  10. විචාරක, ඔබගේ වටිනා කාලය සහ අවධානය යුධ හමුදා සටහන්, දේශපාලනය, සමාජ විද්‍යාත්මක කරුණු වැනි හරවත් නිර්මාණශීලි ලිපි කෙරෙහි පමණක් යොමු කලොත් බොහොම වටිනවා...එපමණයි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උදය. ඇත්තෙන්ම මම උත්සාහ කලේ යම්කිසි සංවාදයකට එළඹෙන්නයි. නමුත් මේ පුද්ගලයා එවැන්නකට අකමැති, පුහු මනසක් ඇති අයකු බව පෙනෙනවා. තවත් අය මෙවැනි පුහු අඩවි වලට යාමෙන් වලක්වා ගැනීමයි මේ ලිපියේ අරමුණ.

      Delete
    2. ඔබගේ වටිනා කාලය සහ අවධානය යුධ හමුදා සටහන්, දේශපාලනය, සමාජ විද්‍යාත්මක කරුණු වැනි හරවත් නිර්මාණශීලි ලිපි කෙරෙහි පමණක් යොමු කලොත් බොහොම වටිනවා///////////// 100% ekangayi

      Delete
    3. ස්තුතියි වෛද්‍යතුමනි. ඉවසීම ප්‍රගුණ කරන්නම් මීට වඩා.

      Delete
  11. Replies
    1. අයියෝද කියන්නේ කෞෂි, නම සිංහලේ. නමුත් මොළේ තියෙන්නේ සුනඛ ලේ.

      Delete
  12. කවුරුවත් කාගෙන්වත් මුදල් අරං මේ දේවල් ලියනවා කියා මා හිතන්නේ නෑ. මොකද, භූෂණ මුදලට මේ දේවල් කරනවා නම් මීට වඩා නිර්මාණශීලීව සහ සංයමයකින් ඒ දේ කරාවි. මේ තරම් ආවේගශීලී වන්නේ මේ ලියන දේවල් ඔහු ඇත්තටම විශ්වාස කරන නිසයි.

    මම මගෙ බ්ලොග් එකේ ඔහුට ප්‍රසිද්ධියක් ලබා දෙමින් කිව්වේ, මොහු එක් පැත්තක් වෙනුවෙන් ලියන බවයි. එය ඊටත් වඩා උග්‍ර බව දැන් පෙනෙන්නට තියෙනවා. මොනවා නමුත්, ඔහු ඉතිහාසයේ යම් කිසි පැතිකඩක් නිරාවරණය කරන අතර, ඔහු ලියනා දේ අපි විචක්ෂණශීලීව උකහා ගත යුතුයි.

    උඩින් උදය දිසානායක කියන අදහස සමඟ මාත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී, ඔහු ලියන්නේ යම් දේශපාලන මතවාදයක් තුල අඳුරේ ගිලී යාමෙන්. ගෝත්‍රික ලක්‍ෂණ ඉස්මතු කරගනිමින්.

      ඔහු ලියන දේ ගැන මීටවඩා වැඩි දෙනෙකුගේ අවධානය ගන්න නම්, ඔහු කලයුත්තේ, සංවාද සඳහා ඉඩදීමයි. උතුරු කොරියාව වගේ බ්ලොග් එකක් තියාගත්තට වැඩක් වෙන්නේ නැහැ.

      Delete
  13. උඩින් උදය දිසානායක කියන අදහස සමඟ මාත් එකඟයි.
    මුදල් අරන් ලියනවා කියන එක මටනම් අන්ඩර දෙමල වගේ එහම ලියනවට සල්ලි දෙනවද මම කමෙන්ට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නැහැනේ බන්. කොමෙන්ට් කිරීම නිසා අදුන ගත්ත යාලුවෝ දුකක් කරදරයකදී කතා කරලා අහලා උදව් කරනවෙලාවල් තියනවා ඒ මිසක් මුදල් වලට ලියනවා කියන්නේ ?
    අල්ලලා දාපන් විචා ද්‍රකියා කියනවා වගේ මෙය එකම මතයක ඉදගෙන ලියනවා කියලා පැහැදිලිනේ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මෙන්ඩෝ. මෙයා ලියන්නේ මගේ චූන් මටම චූන් ක්‍රමයට. මේක මෙතනින් ඉවරයි.

      Delete
  14. විචාරක මහත්තයාට ඔහුගෙන් තරමක් හෝ විනීත පිළිතුරු ලැබී තිබෙන බව පෙනෙනවා....ඔහුගේ පැරණි ලිපියක් වූ "සිංහලේ මහා පාවාදීම් - එදා (1815) මොල්ලිගොඩලා සහ මෙදා (2015) මොල්ලි-සේනලා" හි මා පලකල අදහස් වලට ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාර කොතරම් අවිනීත ගනයේ ඒවාදැයි දැක ගැනීමට හැකිය.....මට නම් කුමක් කීවද කම් නැත නමුත් මේ මහා සිංහල වීරයා මගේ වයස් ගත මව සම්බන්දව දක්වා ඇති අදහස් වලින් මොහුගේ තිරිසන් මානසිකත්වය පැහැදිලි වේ.....

    ReplyDelete
    Replies
    1. මේ පුද්ගලයාගේ ඇති ලොකුම දුර්වලකම තමයි, අනුන්ගේ අදහස් තේරුම් නොගැනීම. (එහෙම තේරුම් ගන්නට එක්කෝ මොහුට හැකියාවක් නැහැ. නැත්නම් ඕනෑකමක් නැහැ. උද්ධච්ච කම නිසා) එමෙන්ම, සංවාද වල යෙදෙන්නට ඇති අකමැත්ත. මොහු පහත් මානසිකත්වයක සිටින්නකු බව පැහැදිලිවම පෙනෙන්නේ, මෙලෙස පාඨකයන්ට අපහාසාත්මක පිළිතුරු දීමෙන්. මා මෙම ලිපියෙන් අදහස් කලේ, මෙවැනි පුද්ගලයන් ගැන බ්ලොග් ලෝකයටම යම් දැනුම්දීමක් කරන්නයි.

      Delete
  15. //ප්‍රස්තුතයට අදාළ නොවන, අසභ්‍ය, අපහාසාත්මක, අදහස් වලට ඉඩ ලබා නොදීම සඳහා, එසේ කිරීමේ වරදක් නැහැ. නමුත් එවැනි කිසිදු වර්ගීකරණයකට නොවැටෙන පාඨක අදහස් කපා හරිමින්, තමන්ගේ මතයට පමණක් කැමතිවන සහ තමන්ට වඩා හොඳින් ප්‍රතිවචන දියහැකි පාඨක අදහස් පමණක් තෝරාගෙන, පලකරන ප්‍රතිපත්තිය නම්, අමනොඥ බව නොකියාම බැහැ//

    එහෙමත් තියාගන ඔව්වා අස්සේ රිංගන්ඩ යන්නේ නැතුව ඉන්ඩකෝ අයියෝ

    ReplyDelete
    Replies
    1. යකෝ අපි මිනිහෙක් එක්ක කතාකරන්නේ උගෙන් ගෑණු ගන්ඩ නෙවෙයිනේ. එක්කෝ මට මොකක් හරි සාධාරණ උත්තරයක් දෙන්ඩ ඕනේ. නැත්නම් මගේ කමෙන්ට් එක කපා දමා එයාගේ පිළිතුර විතරක් දැමීම නොකර ඉන්ඩ ඕනේ. මේ මනුස්සයා මෙච්චර මනපහතයෙක් කියලා කවුද දන්නේ?

      Delete
    2. ඔය බුසනය ගස් වැල් ගැන ලියන ( පොටෝ කෑල්ලක් එක්ක ) හන්දයි මං දන්නේ ඔහොම බ්ලොග් එකක් තියනව කියල දන්නෙත් අද , ...................වියදං කරගන හිත රිදවාගන්ඩ එපා අයියේ......මේක මහ නරකාදියක්

      Delete
    3. ළඟක හිටියනම් අද උඹත් එක්ක සප්පායම් වෙමින් හොඳ විග්‍රහයක් කරන්න තිබුනා.

      Delete
  16. ගැල ගමනේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එව්වා එහෙම තමයි. මේ වගේ පුස්සෝ කොහොමද අපිව වට්ටන්නේ.

      හ්ම්...........මේ දවස්වල කාර්ය බහුලද දරුවා? :e

      Delete
  17. තමන්ගේ දේශපාලනික ආගම්වාදී හෝ ජාතිවාදී මතයන්ට සපෝර්ට් එකට කොන්ස්පිරසි තියරීස් ඉදිරිපත්කිරීම ලෝකයේ සෑම රටකම වෙන දෙයක්.ඔවුන් සමග වාද කල නොහැක්කේ ඔවුන්ගේ මතයන් මෙන්ම දත්ත තාර්කික නොවන නිසාය. වාද කල හැක්කේ උමං දෘෂ්ඨියක් (tunnel vision) නොමැත්තන් සමග පමණි.
    ආසාවට කැමතිනම් කොන්ස්පිරසි තියරීස් කොයිතරම් තියනවද බලන්න. ලෝකය පාලනය කරන පිට සක්වලයන් (aliens)ගේ සිට නව ලෝක බලය (New World Order) දක්වා lunatic fringe theories එක දිව යනවා. අතීතයේ සිට වර්ථමානය දක්වා උදේ දවල් රෑ තිස්සේ නොනිදා විදේශිකයන් ලංකාවට හා අපේ අනභිබවනීය සංස්කෘතියට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ තියරියත් ඒ වගේ දෙයක්. සමහරු කපටිකමට ඔය තියරිය යොදනවා සමහරු ඇත්තටම විස්වාස කරනවා.
    ඇමරිකාවේ ඒලියන්ස්ලා ලොකු ඉන්ඩස්ට්‍රි එකක් සමහරු සල්ලි හම්බ කිරීමට සමහරු ඇත්තටම හිතනවා. මෙහෙ හා ඉන්දියාවෙ අලි ඔලුවක් සහිත දෙවිකෙනෙක් මීයෙක්ගෙ පිටේ යන එකත් විස්වාසකරනවා.
    ඒවගේ තමයි අන්ත ජාතිවාදයත්. ඔය එකක් එක්කවත් වාද කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔබට ඉතාම ස්තුතියි, ඉතා හොඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීම පිළිබඳව. මෙවැනි අදහස් තියන අය හරියට cult එකක් වගේ නේද?

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  18. බයියන් සමඟ වාද කිරීමට, උන්ට දේවල් පැහැදිලි කිරීමට යනවාට වඩා කට බිම උලාගැනීම වඩාත් හොඳයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පහත් මානසික මට්ටමක ඉන්න බව මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

    යුධ හමුදාවෙ හැමට ශික්ෂණය තීනවාද කියන එක නම් ප්‍රශ්නයක්. ඉහත පුද්ගලයා මාරු කරන විට යුඪ්ද හමුදා ලුතිතන්වරයෙකුඇමුම අමු ගොන් බයියෙකු වන මගේ මස්සිනා හිටියෙ අපේ ගෙදර. සිද්ධිය හරියට නොදැන යහපාලනයෙන් ඔහු දොට්ට දැම්මා කිය කිය මෙතන හොඳටම උඩ පැන්නා. මම නෙමෙයි හ්ම්ම් වත් කිව්වෙ. තමුන් ඉහළ නිලයක ඉන්න බව පෙන්වීමට අපි අතර ඉන්නකොට එක එක්කෙනාට ඇමතුම් ගෙන බැන වැදීමත් මොහුගේ එක්තරා ක්‍රියාවක්.

    සමහර විට මම මෝඩයෙක් කියලා හිතනවා ඇති. හමුදාවේ පාවිච්චි වෙන වචන කියමින් තමුන්ගේ පුරාජේරුව ගැන වර්ණනා කරන මිනිහව මට නම් අප්පිරියයි. මේ ටික කිව්වෙ ශික්ෂණය ගැන කියන්න. ;)

    බල්ලන් බිරුවට කඳු පාත් නොවේ කියන්නෙ කට කහනවට නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. බයියා බයියා විදිහට ඉන්නේ නැතුව ටොයියා වෙන්න ගියාම, අපිට සිද්ධ වෙනවා, ඌට ටොක්කක් ඇනලා කියලා දෙන්න, යකෝ උඹ බයියා කියලා.

      යුද හමුදාවේ විනය සහ ශික්ෂණය නිකම්ම නිකම් පවතින්නේ නැත. සීරුවෙන් සිටින්, පහසුවෙන් සිටින්, නවතින්, කියන්නේ ඒ නිසයි. එහෙම නැතුව, 'අනේ සීරුවෙන් සිටින්නකෝ' කිව්වා නම්, විනය තකලා තමයි නවතින්නේ. ඒ නිසා හමුදා විනය පවත්වාගෙන යන්නේ නියෝග හා අභ්‍යාසය මගින්. නමුත් එයට අඩංගු නොවන පුද්ගලයන් දණ්ඩනයෙන් ශික්ෂණය කරනවා. හමුදාව පිලිබඳ අවබෝධය වැඩි කරගත් පුද්ගලයා තම ශික්ෂිත බව ක්‍රියාවෙන්ම ලෝකයට පෙන්වනවා.

      ඔබේ සොහොයුරා වැනි අය ඕනෑතරම් ඉන්නවා. ඔවුන්ට වෙලා තියෙන්නේ, වැරදි ආයතනයකට ඇතුලත්වීමේ අවාසනාවයි. හමුදාව රැකියාවක් කියා හිතන හැමදෙනාම, හමුදාවේ ඉන්නෙත්, යන්නෙත්, අසතුටෙන්. 'අම්බානක කට්ට කන අතර මාර ෆන් ගන්න තැනක්' ලෙස හමුදාව අවබෝධ කරගත් අය, ඉන්නේ සතුටෙන්. යන්නේ දුකෙන්.

      බල්ලෙක්නම් බිරුවත් කමක් නෑ කියමුකෝ හරී. ඔඩොක්කු කුක්කන් පාට් දාන එකයි ඉවසන්න අමාරු. :e

      Delete
  19. එන්දාන කරච්චල් පෙරිය දොරේ ??? නිකන් ඉන්න බැරුව එක එක රෙද්දවල් අස්සේ රිංගලා මගේ කමෙන්ට් මැකුවෝ කිය කිය බෙරිහන් දෙනවා...

    මේ.... වැඩක් නැත්නම් අර වේලි වේලි තියන මගේ බ්ලොග් එක මුල ඉඳන් කියවලා ආයෙ කමෙන්ට් දාගෙන එනවද ? එකකට රුපියල ගානෙ දෙන්නම්... :D

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට දෙනවද , එලිවෙනකං දාල හෙට උදේට දොරකඩට එනවා

      Delete
    2. අපි මිනිහෙක් දැක්කම, හලෝ, ගුඩ් මෝනිං, වනක්කම්, ආයුබෝවන්, මහත්තයා කොහෙද, කඩේටද යන්නේ කියලා අහන්නේ, රෙද්ද අස්සේ රිංගන්න නෙවෙයිනේ සෙන්නා. බස් හෝල්ට් එකේ ඉන්න මිනිහා බලන පත්තරේ තියන ප්‍රවෘත්තියක් ගැන, කතාබහට ගියාම, ඒ මිනිහා මට විරුද්ධ අදහස් දැක්වුවත්, සංවාදයේ යෙදෙන්න පුළුවන්. නමුත් මම කියන පලවෙනි වචනේටම, කඩු පොලු ඇදගෙන එන එකා පිස්සෙක් කියලා තේරෙන්නේ, ඌ ඒ ක්‍රියාව ආරම්භ කලාමයි. එතකොට අපි කරන්න ඕනේ අනික් අයගේ ආරක්ෂාව ගැන හිතලා, ඔක්කොටම පෙන්වා දෙන්න, අන්න අරකා පිස්සෙක්, ප්‍රවේසම් වෙනු කියලා.

      අන්න ඒ සඳහා තමයි මේ ලිපිය ලිව්වේ.

      රුපියල් 1000ක් එක ලිපියකට ගෙවනවා, ඉස්සර වගේ ලස්සන ලිපි මාලාවක් ලියන්න ආයෙත් පටන් ගත්තොත්. කියවන්න දේවල් නැහැ අනේ. ඒකයි ඔය එක එක අහුමුලු වල රිංගලා බාල්දි පෙරලගන්නේ :e

      Delete
    3. අටමා, අවුලක් නැහැ.. රුපියල් පනස් ගානනෙ දෙන්න තියෙන්නෙ... හෙහ් හෙහ්...

      විචාරක මහතා, බෑ බෑ 1000 ක් හොඳටම මදි.. එකකට 10000 ක්වත් දෙනවනම් මම ජොබ් එකෙන් අස් වෙලා ලියන්න පටන් ගන්නවා...දෙනවා ආයෙ කොත්තු දානවා වගේ...ආයෙ දෙකක් නෑ.. හෙහ්....

      Delete
    4. යකෝ මම පැන්ෂන් කාරයෙක් කියලා අමතක වුනාද?

      Delete
  20. විචාරක... ඔබ මට වඩා හුඟක් වැඩිමහලු ලෝකය ගැන බොහෝ අත්දැකීම් ඇති පුද්ගලයෙක් නිසා ඔබ මගෙන් අවවාද ලැබියයුතු මට්ටමේ පුද්ගලයෙක් නොවෙයි කියන එකයි මගේ මතය. ඒ හින්ද ඉහත කරුණු සම්භන්ධයෙන් ඔබතුමාට මම අවවාද අනුසාසනා දියයුතු නැහැ. ඒ නිසා මම මගේ අදහස පමණක් මෙහි සඳහන් කරන්නම්..

    ඉන්දියන් සාගරේ මුතු ඇටය කියන අපේ සිරිලංකාවේ වර්තමානය වෙනකොට ඇතිවෙලා තියන තත්වය ගැන ඇත්තටම අපි කතාකලයුතු නැහැ කියලයි මට හුඟක් වෙලාවකට හිතෙන්නෙ. බුද්ධිය කියන දේ අංශුමාත්‍රයක් නැති ගොන් රැලක් දක්කගෙන මේ යන දේශපාලන ගමනෙන් අපේ රටට මොනම දෙයක්වත් ඉතුරුවෙන්නේ නැහැ. බහුතරයක් මීහරක් වෙච්චිකොට ඊට එරෙහිව හඬ නගන එක තේරුමක් වෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ. එත් මිත්‍යාව වපුරනවා දැක්කාම අපේ ඇඟේ ලේ රත්වෙන බව හැබෑව.. එත් ඒ මිත්‍යාවට එරෙහිව සත්‍යය ඉදිරිපත් කරන්න ගියාම අපිට සටන් වදින්න වෙන්නේ අම්බරුවන් රෑනක් එක්ක. ඒ හින්ද හොඳම දේ අම්බරුවන්ට ඇතිවෙන්න හාන්න දීල පැත්තකට වෙලා ඉන්න එක කියලයි මගේ අදහස.

    බුද්ධ දේශනාවට අනුව මේ ලෝකය දවසින් දවස තල්ලුවෙන්නේ මුර්ග සඥ්ඥාව දිහාවටයි. ඒ නිසා හොඳම දේ හිතේ කලකිරීම්, වයිරය, ක්රෝදය, තරහව, දුක් ඇතිවෙන තැන්වලින් ඈත් වෙලා අද්යාත්මිකව ඉහලට යන්න උත්සහ දැරීමයි. ඉපදීම කියන දෙයින් මිදෙනකම් අපිට මේ දේශපාලන අරගල වලට මුහුණදෙන එකෙන් ගැලවෙන්න බැරිවෙනවා ඒකාන්තයි. බලයට කෑදර කමෙන් මෝඩ මිනිස්සුන්ගේ හිත්වල මිත්‍යාව වපුරලා මිනිස්සු ඇනකොටා ගන්න තැනට පත්කරන කාට කාටත් තම තමුන් වපුරපු දේ අස්වැන්න විදිහට නෙලාගන්න ලැබේවි. කර්මය කාටත් පොදුයි නෙව..

    ReplyDelete
    Replies
    1. වයසින් මට බාල වුනත්, දෙන අවවාදය ඇත්ත නම්, මට එය ප්‍රතිෂේප කරන්න බැහැ. ඇත්තෙන්ම මම මේ අඩවියට ගියේ යම් සංවාදයක් ඇතිකිරීමේ අරමුණෙන්. නමුත් ඔබ කියන ආකාරයේ දේශපාලන ඥානයක් නැති අම්බරුවෙක් මට අනින්න පැන්නා. ඒ නිසා මම හිතුවා බ්ලොග් කියවන අනික් යටත් පෙන්නලා දෙන්න මෙන්න මේ අඩවියට යන්න එපා එතන අනින හරකෙක් ඉන්නවා කියලා.

      බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  21. ඔන්න ඕක අත ඇරලා දාමු.

    අපහාසාත්මක විදියට කොමන්ට් කරන එක මගෙනුත් වෙලා තියනවා. පස්සේ මටම හිතෙනවා මම එහෙම නොකරන්නයි තිබුනේ කියලා.

    ReplyDelete
    Replies
    1. මේක මෙතනින් ඉවරයි මනෝ. ලිව්වා පලකලා එතනින් ඉවරයි. මට ලියන්න දේවල් ගොඩ ගැහිලා තියනවා. ස්තුතියි මේ අදහස් වලට.

      Delete
  22. මට හිතෙන විදිහට ඕක ඉල්ලන් කෑමක්.පලවෙනි පාර වැඩේ තේරුනහම එතනින් නතරවෙන එක තමයි හොඳ.ගලේ ගහලවත් සුද්දකරන්න බැරි මිනිස්සු බොහොමයි සමාජයේ.ඒවගේ චරිත අපුල්ලන්න යාමෙන් සිද්දවෙන්නේ ඩිටර්ජන්ට් කුඩු අපතේ යාමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නියම කියමන. මම කෙටි කාලයක් ගුරුවරයෙක් හැටියටත් හිටියනේ. ඉතින් මේ වගේ අයව ටිකක් අපුල්ලලා බලනවා. බැරිනම් විසිකරලා දානවා.

      Delete
  23. ස ර ස තුමා විසින් මෙහෙයවන:
    සින්හල බොගේ පලවන ලිපි, කොමෙන්ටු සහ නින්දා අපහාස වලට කේන්ති නොගෙන සිටීමේ කලාව.
    නුගේගොඩ් රොටරි සාලාවේදී......

    ReplyDelete
    Replies
    1. කිසිසේත් කම්පාවට හෝ කෝපයට පත් නොවුනෙමි. ලොල්ලෙකු ගැන බ්ලොග් ලෝකයට කියාදුනිමි.

      Delete
  24. විචා
    ඔය බ්ලොග් මමත් ෆොලෝ කරා. හේතුව බයියන්ගේ අදහස් කියවන්න. ඒ වුනාට ගොඩක් පෝස්ට් කියවන්න වුනේ නැහැ. ඔබගේ ලිපියෙන් පැහැදිලියි එම බ්ලොග් කරුවා බයියෙකු නොවන බව. බයියන් යනුවෙන් මම අදහස් කරන්නේ යහපාලන රජයට විරුද්ධ වුණත් අන්තවාදී නොවන්නන්. ඔවුන් සමඟ අදහස් බෙදාගෙන එකඟ නොවී ඉන්න පුලුවන්. උදාහරණයට අටම් හරි සා රස වගේ. අන්තවාදීන් නම් රාජපක්ශ සහ පවුල වෙනුවෙන් රටත් ටම මවත් විකුණනන්න පුලුවන් උන් ටිකක්. උඹේ හෙළිදරව්වෙන් පස්සේ මම ෆොලෝ ලිස්ට් එකෙන් ගලවල දැම්මා. බොහොම ස්තූතියි හෙලිදරව්වට.

    ReplyDelete
    Replies
    1. මට කියාගන්න බැරිවෙච්චි ටික බොහොම හොඳට කියලා දැමීම ගැන ඉතාම ස්තුතියි ඉයන්. මුන් එක්තරා වර්ගයක ප්‍රාථමික primitive ලක්ෂණ සහිත දේශපාලන ගෝත්‍රිකයෝ වර්ගයක්. ඒ වගේම මුන් එක්තරා විදිහක cult එකක්. උන්ගේ තියෙන්නේ දේශපාලන දර්ශනයක් නෙවේ. ඇදහිල්ලක්.

      Delete
    2. ඇදහිල්ලක් - ඒක තමා හරි වචනේ. ලංකාවේ ගොඩක් පිරිස් අතර තියෙන දෙයක් නේ.

      Delete
  25. මට තෙරෙනේ විදියට ඔබ තුමාගේ වචනෙන්ම කරන්න ගිහින් තියෙන්නේ
    //බයියා බයියා විදිහට ඉන්නේ නැතුව ටොයියා වෙන්න ගියාම, අපිට සිද්ධ වෙනවා, ඌට ටොක්කක් ඇනලා කියලා දෙන්න, යකෝ උඹ බයියා කියලා.//
    නමුත් මේ අය බයියෝ නොවෙයි කියලා ළඟදීම එලි වෙයි(සිංහළේ කට්ටිය). මම දේශපාලන ලිපි වලට කියවීම පිළිතරු බැඳීමෙන් වැළකිලා ඉන්නේ. කිසි හේතුවකට නොවෙයි හොඳ හිත පවත්වා ගන්න. මගේ බ්ලොග් ආගමනය දේශපාලනය නොවෙන නිසා. නමුත් ඔබතුමාට තියෙන හිතවත් කමට මේ කමෙන්ට් එක දැම්මේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදීක. ඔබ කියන දේ මම තේරුම්ගත්තා.

      Delete
  26. මෙහෙම බ්ලොගයක් තියෙන බව දැනගත්තෙත් අදයි!

    ReplyDelete
  27. දේශ පාලනය ගැන කතා කිරීමටනම් මම අකමැති බව දැන්වීමට කැමැත්තෙමි කෙසේ වෙතත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමට තරම් ශික්ෂණයක් අප සාදා ගත යුතු බැව් දනිමි.අපහාසාත්මක වචන යොදා ගැනීම නම් ඒ තරම් නොවටි කෙසේ වෙතත් යම්කිසි දෙයක් තම තමන්ගේ බ්ලොග් එකේ පල කිරීමට ප්‍රථම එය කොතරම් දුරට සත්‍ය දැයි සොයා බැලීමට වටී

    මෙහිදී කවුරුන් සත්‍ය ද කවුරුන් අසද්යද සෙවීම නොව කියවන පාඨකයා අතරමන් නොකර සිටි නම් එය මහගු කාර්යේයෙකි

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }